දැක්ම

විශිෂ්ධ සේවාවක් තුලින් ජනතා හිතවාදී ප්‍රාදේශීය පරිපාලනයක්


මෙහෙවර

ප්‍රාදේශීය මූල්‍යමය , භෞතිකමය, පරිසරමය සම්පත් පවත්නා රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව හා අනුග්‍රහයන් සමග මනා වූ කළමනාකරීත්වයෙන් යුතුව සැලසුම් සහගතව තිරසාර සංවර්ධනයක්  උදෙසා පුළුල් ජනතා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීම

කොත්මලේ යනු වන ගහනයෙන් පිරි කඳු හෙල් මිටියාවත් නිම්න ඇළ - දොළ දිය සීරාවේ පහස ලබන සොබාදහම් මාතාවගේ අපූරු නිර්මාණයකි. එක් පසෙකින් ගැරඩියෙකු සේ ගලා බසින ගැරඬි ඇල්ලේද තවත් පසෙකින් පූනාඔය දිය ඇල්ලේද කඩා හැලෙන රම්බොඩ දිය ඇල්ලේ ද දිය දහරා එක් වෙමින් කොත්මලේ ජලාශයේ සිරියෙන් ශෝභමාන වන පුරවරයකි. එමෙන්ම ගිරි දුර්ග , වන දුර්ගවලින් ගහන මේ ප්‍රදේශය පාරම්පරික ජනතාවගේ සතුට , සොම්නස, දුක, දොම්නස ඔවුන්ගේ ජීවිත වල නොපෙනෙන අඳුරු පැත්තේ සංකීර්ණතාවය හා සරල බව මුසුවූ අපූරු ජීවන රටාවක උරුමකම් කියන අපේ ලාංකික උරුමයේ පැතිකඩකි.

බැලූ බැලූ තන්හි සොදුරු දසුන් නෙතට ගැටෙන කොත්මලේ පුරවරය මුහුදු මටිටමින් අඩි 3000 ත් 5200 ත් අතර උස මට්ටමක පිහිටා තිබේ. මහනුවර හා හැටන් සානු දෙකට සම්බන්ධ වී ඇති මේ ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්ව අන්තරය සෙල්සියස් අංශක 20 ත් 25 ත් අතර වේ.

උතුරින් නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද දකුණින් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද නැගෙනහිරින් වලපනේ හා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද බටහිරින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද වට වූ පරිපාලන භූමි ප්‍රදේශය කොත්මලේ වේ.

කොත්මලේ නම සෑදුණු ආකාරය..............

සමවන් රටකි වටට ම කඳුවැටිය           වුණා

දිලි රන් කොතක් ඒ රටට ම පහළ        වුණා

ගුණයෙන් උතුම් සැම පලවැල එහි      සැදුණා

නැණයෙන් බලනු කොත්මල ය යි නම සැදුණා

කෙත්යායේ හටගත් වළ හේතුවෙන් කෙත් වළ පසුව කොත් වළ - කොත් මල - කොත්මලේ වූයා යැයි ජනප්‍රවාදයේ සදහන් වේ.

ද්‍රවිඩ භාෂාවෙන් කැඩී පැවත එන වචනයක් වශයෙන් ‘මලය’ යන වචන පෙන්වා දිය හැකිය.දවිඩ බසින් මෙහි අර්ථය කඳුකර නැත්නම් කඳුරට යන්නයි. එසේම කොත් වැනි වූ උස් කඳු ප්‍රදේශ මෙහි ඇති හෙයින් කොතක් වැනි වූ මලය ‘කොත්මලය‘ ලෙස ප්‍රචලිත වී යැයි සමහරකුගේ මතයයි.

සේවය කල ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නම

කාලය
විමලරත්න කුමාරගම මයා 1959-1960
තිලක් චන්ද්‍රසේකර මයා 1960-1966
තිලකරත්න රණවිරාජා මයා 1966-1970
ජී.පතිරත්න මයා 1970-1971
ඩබ්ලිව්.ඒ.ජයසිංහ මයා 1971-1972
පී.එල්.ගුණසිංහ මයා 1972-1976
කේ.විජේසිංහ මයා 1976-1977
ඩී.පියසේන මයා 1977-1977
ජී.ගුණරත්න මයා 1977-1977
ආර්.එම්.රත්නායක මයා 1977-1980
කේ.ඩී.විමලරත්න මයා 1980-1983
ආනන්ද ඒකනායක මයා 1983-1986
කේ.ඩී.සිරිසේන මයා 1987-1990
එල්.ආර්.එම්.රාජරත්න මයා 1991-1992
එච්.කේ.එම්.අබේකොන් මයා 1992-2001
එස්.එම්.නන්දසේන මයා 2001-2004
ජේ.එම්.එස්.ප්‍රේමවංශ මයා 2005-2006
ජානක ධර්මකීර්ති මයා 2006-2010
එච්.එම්.එම්.යූ.බී හේරත් මයා 2010-2015
අයි.එම් සේනානායක මයා 2015-2017
ඊ.ආර්.එල්.බී ඇටම්පාවල 2017 සිට 

News & Events

Scroll To Top